26 C
Colombo
Friday, October 18, 2024

අදත් ගුවන් ගමන් හතක් අවලංගුයි

- Advertisement -

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් පවසා ඇති බව වාර්තා වනවා.

මෙම ගුවන් යානා අතරින් 06 ක්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වීම විශේෂත්වයක්.

ඒ අනුව, අද අලුයම 01.10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 173 දරන ගුවන් යානය, අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 402 දරන ගුවන් යානය එදිනම දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 127 දරන ගුවන් යානයද එසේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීම අවලංගු වී තිබෙනවා.

මීට අමතරව අද පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 143 දරන ගුවන් යානයද, රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 263 දරන ගුවන් යානයද, එදිනම රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 207 දරන ගුවන් යානයද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව ඇය පවසනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අද අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන්  පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ SG 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...