26 C
Colombo
Friday, October 18, 2024

පාඨලී – ඩලස් පිල අතර හමුවක්

- Advertisement -

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

“දේශය වෙනුවෙන් එක්වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ එළිදැක්වූ ප්‍රකාශනය සහ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිදහස ජනතා සභාව හමුවීමෙන් පසු ප්‍රකාශයක් කරමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

නිදහස ජනතා සභාව වෙත මෙම ප්‍රකාශනය පිළිගැන්වීම ඊයේ (27)  නාවල කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදු කෙරුණා.

නිදහස ජනතා සභාව වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතිඥ සුමිත් විජේසිංහ  මහත්වරු ද, එක්සත් ජනපද පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

ජනපති ගැන අසත්‍ය පුවතක්

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...