31 C
Colombo
Saturday, October 5, 2024

කෙහෙළිය යළි රිමාන්ඩ්

- Advertisement -

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මාර්තු 14 වැනිදා දක්වා මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද (29) දිනයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයාගේ පාදයේ ආබාධයක් පවතින බැවින් ඔහුට අසුන් ගැනීමට අවශ්‍ය බවයි.

ඊට අධිකරණය විසින් අවසර ලබාදී තිබුණා.

එමෙන්ම පසුගිය නඩු විභාගයට රඹුක්වැල්ල මහතා පෙනී නොසිටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවද අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ නඩුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායක නැමැත්තා අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් පරීක්ෂණවලට සහය දීම මග හරිමින් සිටින බවයි.

ඔහුට ඊයේ (28) සහ අද යන දෙදින තුළම තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් තමන් සිටින ස්ථානය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔහුට එරෙහිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දැනුම්දි තිබුණා.

මීට අමතරව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව තවත් එක් සැකකරුවෙකු විදෙස් ගතව සිටින බැවින් ඔහුව සම්බන්ධ කර ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී උත්සහ කළත් ඔහු ද පරීක්ෂණ මග හැර සිටින බවත් ඔහුට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

එමගින් ඉල්ලා ඇත්තේ එම වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් අයකර දෙන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

Breaking : සුරේෂ් සලේ ඉවතට

0
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා එම...

පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා. ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන්...

ජොනියා ගාව තුවක්කු 8 ක් තිබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව AF 408 - 9mm cz...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...