26 C
Colombo
Sunday, March 16, 2025

ඇෆ්ගනිස්ථානයේ අධික හිම පතනය හේතුවෙන් 15ක් මරුට

- Advertisement -

පසුගිය දින තුන තුළ ඇෆ්ගනිස්ථානයේ පළාත් කිහිපයක් පුරා පැතිරුණු අධික හිම පතනය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත්ව ඇති අතර පුද්ගලයන් 30 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මීට අමතරව,හිම පතනය හේතුවෙන් පශු සම්පත් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කර ඇති අතර, සතුන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්ථානය නිවේදනය කර ඇත්තේ, අධික හිම පතනය නිසා මාර්ග අවහිර වී ජනතාවට එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට නොහැකිවී ඇති අතර, අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, විශේෂයෙන් පශු සම්පත් හිමියන්ට සිදුවන හානිය පිළිබඳව කටයුතු කිරීම සඳහා විවිධ අමාත්‍යාංශවලින් සමන්විත කමිටුවක් පිහිටුවීමටයි.

අවහිර වී ඇති මාර්ග විවෘත කිරීමට, විපතට පත් ජනතාවට ආහාර බෙදා හැරීමට සහ අධික හිම පතනයෙන් පසු අතරමං වූවන් බේරා ගැනීමට කටයුතු කරන මෙන් කෘෂිකර්ම, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යාංශය සඳහා තලේබාන් සංවිධානය කමිටු පත් කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ, හිම පතනයෙන් විපතට පත් වූ පුද්ගලයින් වෙත ළඟා වෙමින් , තාවකාලිකව අවහිර වී ඇති මාර්ග යතා තත්ත්වයට පත්කිරීමට නිලධාරින් කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

POPULAR ARTICLES

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 59ක් මරුට

උතුරු මැසඩෝනියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් 118 දෙනෙකු තුවාල ලබා...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 19 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 143,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට...