31 C
Colombo
Saturday, October 5, 2024

වෛද්‍ය බෙල්ලනට එරෙහිව යළිත් විරෝධතාවයක්

- Advertisement -

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් එළඹෙන 12 වැනිදා දහවල් කෑම පැයේදි දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට විරෝධතා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මේ අතර, ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වු ජාතික රෝහලේ වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට උත්සාහ ගනිමින් සිටිනා බවයි.

සෞඛ්‍ය සේවකයන් සිදුකරනු ලබන කිසිදු වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට මැදිහත්විමට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු එහිදී  අවධාරණය කර තිබුණා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙළා දකිමින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනය දැනුවත් කළද මෙතෙක් ඊට සාධනීය ප්‍රතිචාර නොලැබුණු බවද උපුල් රෝහණ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

එවැනි තත්ත්වයක් තිබියදී පොලිසිය මෙම ගැටලුවට මැදිහත්වී සෞඛ්‍ය වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව කනගාටුව පළකරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා. ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන්...

ජොනියා ගාව තුවක්කු 8 ක් තිබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව AF 408 - 9mm cz...

මෙරට පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...