25 C
Colombo
Thursday, January 9, 2025

සූර්ය බලශක්ති ව්‍යාපෘති 03 කට කැබිනට් අනුමැතිය

- Advertisement -

මාතර (මෙගාවොට් 10) සහ වචනතිව් (මෙගාවොට් 08) ග්‍රීඩ් උප පොළවල් සඳහා සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර මඟින් විදුලිය සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති බව රජය පවසනවා.

ඒ අනුව, ලැබී ඇති ව්‍යාපෘති යෝජනා මත පදනම්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි, ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්ම කිරීම් පදනම් මත භූමිය මත ඉදි කෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාරයක් මාතර ග්‍රිඞ් උපපොළේ ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තුව Muhawa Soliir (Pvt) Ltd. වෙත සහ Heyleys Power Ltd. වෙත පිරිනැමීමටත්, වතිට ග්‍රිඩ් උප පොළේ ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තුව Capital City Holdings (Pvt) Ltd. වෙත පිරිනැමීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මේ අතර, මඩකලපුව ඔඩමා වඩි ප්‍රදේශයේ මෙගාවොටි 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය Solar Forge Batticaloa වෙත ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන්ගෙන් මෙගාවොට් 50 ක් හෝ ඊට වැඩි ධාරිතාවක් සහිත පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය උදෙසා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට 2021-08-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, ඉදිරිපත් වූ අභිලාෂය ප්‍රකාශ කිරීම් සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සඳහා ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම් මිත මඩකලපුව ඔඩමා වඩි ප්‍රදේශයේ මෙගාවොටි 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය Solar Forge Batticaloa වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES