26 C
Colombo
Friday, October 25, 2024

Onmax DT සභාපති අල්ලන්න රතු වරෙන්තු

- Advertisement -

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘Onmax DT’ පුද්ගලික සමාගමේ සභාපති සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නීති විරෝධී මුල්‍ය ගනුදෙනු කළ ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ප්‍රධානී මෙන්ම සභාපතිවරයා මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බවයි.

ඒ අනුව ඔහු මෙම සිද්ධියේ හත්වැනි සැකකරු ලෙස නම් කර ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඔවුන් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.

මෙරට ජනතාව ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් බිලියන 600ක පමණ මුදලක් ජෝර්ජියානු ජාතිකයෙකු විසින් එරට දී ඔහුගේ බැංකු ගිණුමකට බැරකර එම මුදල් ලබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු මෙම නඩුවේ අටවැනි සැකකරු ලෙසට නම් කර ඔහුටද විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුවේ හත්වැනි සැකකරු ලෙසට ඔන්මැක්ස් ඩී ටී පුද්ගලික සමාගමේ සභාපතිවරයාත් අටවැනි සැකකරු ලෙස ජෝර්ජියානු ජාතික‍යාත් නම් කළ අධිකරණය ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මෙම නඩුවේ හයවැනි සැකකරු වන මේ වන විට අධිකරණ ඇප නියෝග කඩ කරමින් විදෙස් ගතව සිටින ‘Onmax DT’ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන මෘදුකාංග ඉංජිනේරුවරයෙකුද ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...