28 C
Colombo
Tuesday, September 17, 2024

දේශබන්දු පොලිස්පති කිරීමට එරෙහිව තවත් පෙත්සම්

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරට පත් කිරීමේ තීරණයට එරෙහිව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් නිර්දේශයකින් තොරව පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ තීරණය නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

එම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පෙත්සම්කරුවන් පවසන්නේ වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොතිබුණු බවයි.

එවැනි විධිමත් අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...