හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
ඔහු පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බවයි.