පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන කෝප් කමිටුවේ සභාපතිත්වයට පත්කිරීමෙන් කෝප් කමිටුව තව තවත් හෑල්ලුවට ලක් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
ඔහු කියා සිටින්නේ දැනටමත් විශ්වාසය බිඳීඇති කෝප් කමිටුවට රෝහිත මන්ත්‍රීවරයා සභාපති කිරීමෙන් තවදුරටත් ඒ කෙරෙහි විශ්වාසය බිඳීගිය බවයි.
එබැවින් වහාම ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කරන ලෙසයි නලින් බණ්ඩාර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.
මේ අතර, අද (19) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු වාර්තා වූ අතර ඔහු ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර තිබෙනවා.
එමෙන්ම, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද ඉල්ලා අස්වුණා.