කෝප් කමිටුවේ සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබෙනවා.
ඔහු පැවසුවේ එම පත්කිරීම මගින් කෝප් කමිටුව හෑල්ලුවට පත්වන බවයි.
කෝප් කමිටුවෙන් මේ වනවිට මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පමණ ඉවත් වී ඇති අතර කෝප් කමිටු සභාපතිවරයාව ඉවත් නොකළහොත් උපවාසයකට යෑමට සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළා.
කෝප් කමිටුවේ සභාපති ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා ව පසුගියදා පත් කෙරුණු අතර එම පත්කිරීමට එරෙහිව විවිධ පාර්ශ්ව විරෝධය දක්වා තිබුණා.
මේ අතර, කෝප් කමිටු සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධන පත් කිරීමට එරෙහිව මේ වන විට කෝප් කමිටුව සඳහා පත් කළ සාමාජිකයන් 8 දෙනෙකු ඉල්ලා අස්වීමටද පියවර ගෙන තිබෙනවා.