30 C
Colombo
Saturday, October 5, 2024

ජර්මානු නැවකට ලංකා මුහුදේ පර්යේෂණ කටයුතු කිරීම තහනම්

- Advertisement -

ජර්මානු නෞකාවක් වන සෝන් සඳහා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපයේ පර්යේෂණ කටයුතු කිරීම තහනම් කර තිබෙනවා.

විදේශීය නැව් සම්බන්ධ එවැනි ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන වසරක තහනමට අනුකූලව එම නෞකාව සඳහා මෙම පර්යේෂණ කටයුතු තහනම් කර ඇති නමුත් එම නෞකාවට කොළඹ වරායට පැමිණ නැවත පිරවීම් කටයුතු සඳහා අවසර දෙනු ඇති බවට වාර්තා වනවා.

චීන පර්යේෂණ යාත්‍රා තම අසල්වැසි මුහුදු ප්‍රදේශයේ නැව්ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව මතුකළ කණස්සල්ලත් සමග විදේශීය පර්යේෂණ නැව් සිය මුහුදට ඇතුළුවීම වසරක කාලයක් සඳහා අත්හිටුවන බව රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය ප්‍රකාශයට පත්වන්නේ චීනය තවත් පර්යේෂණ යාත්‍රාවක් යෙදවීමට ඉල්ලා සිටීමත් සමඟයි.

ශ්‍රී ලංකා රජයේ තීරණය ඉන්දියාවට ප්‍රතිචාරයක් ලෙස සැළකෙන බව සඳහන්.

චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6 පසුගිය ඔක්තෝබර් මාසයේදී දින කිහිපයක් කොළඹ වරායේ රැඳී සිටි අතර 2022 දී යුආන් වැන්ග් 5 නාවික යාත්‍රාව හම්බන්තොට වරායේ රැඳී සිටියා.

එසේම, චීනය සිය විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව වන Xiang Yang Hong 3 සඳහා 2024 ජනවාරි 5 සිට දකුණු ඉන්දියානු සාගරයේ ගැඹුරු ජල ගවේෂණය කිරීමට අවසර ඉල්ලා සිටි අතර නව රෙගුලාසිවලට අනුකූලව රජය එයට අවසර දුන්නේ නැත.

පසුව චීනය විසින් ශ්‍රී ලංකා රජයට සිය අප්‍රසාදය පළකර තිබුණා.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ජර්මනිය සිය යාත්‍රාව සඳහා අවසර ඉල්ලා තිබු නමුත් දැන් ක්‍රියාත්මක තහනම අනුව රජය එම නෞකාවේ පර්යේෂණ කටයුතු තහනම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ...

රාජ්‍ය බුද්ධි සේවයට අලුත් ලොක්කෙක්

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබෙනවා. මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා ඉවත් කිරීමෙන් පසු ධම්මික කුමාර මහතා...

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරට

නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබෙනවා. අදාළ මෝටර් රථය මෝටර් රථ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...