යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බවට තමාව හඳුන්වාදුන් අරුලානන්දම් අරුන් නොහොත් අරුන් සිද්ධාර්ථ් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්‍ත්‍රික් සංවිධායක ලෙස පත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක විසින් එම පත් කිරීම සිදු කර තිබුණා.
එම පත්වීම පිරිනැමීමේ උත්සවය ඊයේ (21) යාපනය චෙල්වම් උත්සව ශාලාවේදී පැවැත්වුණා.
රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය සහයෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම සහයෝගය ලබා දෙන බව එහි දී අරුන් සිද්ධාර්ථ් පවසා තිබෙනවා.
අරුන් සිද්ධාර්ථ් 2020 වසරේ පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ කරනු ලැබූ අතර ඔහු මේ වෙන විට ‘යාපනය සිවිල් සමාජය’ ලෙස ඔවුන් විසින් හඳුන්වා ගනු ලබන කණ්ඩායමක නායකයා ලෙස කටයුතු කරනවා.