27 C
Colombo
Thursday, September 19, 2024

ගෝඨාභය තමයි මේ රටේ ලොකුම පාවාදීම කළේ – ගම්මන්පිල

- Advertisement -

ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

“77න් ඇරැඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!” යන තේමාව යටතේ උත්තර ලංකා සභාව විසින් පසුගියදා (23) මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පවත්වන ලද ජන සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ ඉතා වෙහෙසක් ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමෙන් අනතුරුව ඔහුටම නැවත ආණ්ඩුවේ නායකත්වය භාරදීම තරම් පාවාදීමක් ලංකා ඉතිහාසයේ කිසි දිනෙක සිදු වී නොමැති බවයි.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ   හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,

“දැන් ඔන්න සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා, අධිකරණය නියෝග කළොත් තොරතුරු හෙළි කරනවා කියලා. දයාසිරි ජයසේකර මැතිතුමනි, ඩාර්ලි පාරට ගිහින් නායකත්වය භාර ගන්න දැන් ලැහැස්ති වෙන්න.”

සිරිසේන මහත්තයා ගෙදර යවලා සෞභාග්‍ය ඇති කරන්න කියලා ගෝඨාභය මහත්තයා ගෙනාවා. එයාගේ අතීත ප්‍රගති වාර්තාව හොඳ නිසා ඇත්තටම සෞභාග්‍ය ගෙනේවි කියලා ලක්ෂ 69ක් ජනතාව හිතුවා. අන්තිමට මොකද වුණේ? එයා ඇමෙරිකානුවෝ දෙන්නෙකුට යට වුණා. එයා රට පාලනය කළේ ලක්ෂ 69 සිතුම් පැතුම් ඉටුකරන්න නොවේ. බැසිල් රාජපක්ෂ, ජූලියා චං කියන ඇමෙරිකානුවන් දෙන්නාගේ සිතුම් පැතුම් ඉටු කරන්න.

ගෝඨාභය රාජපක්ෂ තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ. අපි පසුගිය වසර 30ක් දේශපාලනය කළේ රනිල්ට විරුද්ධව. අපි ඒකාබද්ධ විපක්ෂය හැදුවේ රනිල් එළවන්න. අපි ගෝඨාභය ඡන්දයට දැම්මේ රනිල් එළවන්න. ලක්ෂ 69ක් ජනතාව

ගෝඨාභයට ඡන්දය දුන්නේ රනිල් එළවන්න. එයාට බැරි නම් එයා ගෙදර ගියාට අපට කමක් නෑ. නමුත් අපේ ප්‍රධානම සතුරා රනිල්. අපි මහන්සියෙන් එළවාගත්ත රනිල්ට ආණ්ඩුවේ නායකත්වය භාරදීම තරම් පාවාදීමක් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ.”

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති කඩ කළොත් වැඩ වරදියි

සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා  සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා  කළහොත් ඒ්  සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය...

ඡන්ද කාඩ් නිවෙස්වලට බෙදාහැරීම අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත...

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවාවක්

ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...