27.6 C
Colombo
Friday, November 22, 2024

ටීවී සීරීස් එකකින් මතු වූ ඩයනාගේ, තැචර්ගේ, රැජිණගේ අසූවේ ඇඳුම්

- Advertisement -

ඩයනා කුමරිය, මාග්‍රට් තැචර් සහ අසූව දශකයේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සිදු වූ ඓතිහාසික සිදුවීම් මාලාව නිසා ‘ද ක්‍රවුන්’ නම් ටීවී සීරීස් එකේ හතරවැනි සීසන්  එක මේ වන විට නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ අතිශය ජනප්‍රිය කතාමාලාවක් වී තිබෙනවා.

රජ පවුලේ ඉතිහාසය රැගත් මේ සීරීස් එකේ සිව්වැනි සීසන් එක පටන්ගන්නේ 1979 අවුරුද්දෙන්. මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නේ ඒ වර්ෂයේදී. එයට පසු 1981 දී සියවසේ විවාහය හෙවත් චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය අතර විවාහය සිද්ධවුණා.  අවසන් වන්නේ 1990 අවුරුද්දෙන්. ඒ අනුව රජ පවුලේ ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම් කිහිපයක් දැකගත හැකි වේවි.

මෙම කතා මාලාව නිෂ්පාදනය කර තිබුණේ නෙට්ෆ්ලික්ස් සහ සෝනි පික්චර්ස් ආයතන. අධ්‍යක්ෂණය කළේ පීටර් මෝර්ගන්. ඔලීවියා කෝල්මන් එළිසබෙත් රැජිණගේ චරිතය රඟපානවා. ගිලියන් ඇන්ඩර්සන් මාග්‍රට් තැචර් ලෙස රඟපානවා. එමා කොරින් නම් 24 හැවිරිදි නවක නිළිය ඩයනා ස්පෙන්සර් ලෙස රඟපානවා.

මීට පෙර සීසන් පිළිබඳ විචාරකයන්ගේ විවේචන තිබුණත්, මෙවර බොහෝ අඩුපාඩු මඟහැර ආකර්ශණීය කතා මාලාවක් ගෙනැවිත් තිබෙන බව විචාරකයන් මත පළ කර තිබෙනවා.

සිව්වැනි සීසන් එකේ තවත් විශේෂත්වයක් වන්නේ අසූව දශකයේ විලාසිතා බොහොමයක් දක්නට ලැබීම. 

අසූව දශකය ලෝක ඉතිහාසයේ සුවිශේෂීම විලාසිතා තිබුණ කාලයක් ලෙස සලකනවා. බොහෝ අය ඒ අතින් අසූව දශකයට පුදුමාකාර කැමැත්තක් දක්වනවා. කොණ්ඩයට ස්ක්‍රන්චීස්, නැත්තං කැලෑ වැදිච්ච කොණ්ඩයක්, කකුල් පෙන්වන මිනි ගවුම්, පිළිවෙලට ඇන්ද කමිස, ටයි, පිළිවෙළ කොණ්ඩය එක්ක යපී ලුක් එකක්, ඇස් කඩන මේකප් තොගයක්, තද පාට නියෝන් පාටවල්, ෂෝල්ඩර් පෑඩ් ආදී නොයෙකුත් විලාසිතා වර්ග ඒ යුගයේ තිබුණා. ඒ ඇතැම් විලාසිතා බ්‍රිතාන්‍යයේ රජ පවුලට හා එරට ඉහළ පැලැන්තියේ සංස්කෘතික ජීවිතයටත් බලපෑවා.

විශේෂයෙන් 1983 දී ඩයනා කුමරිය සහ චාල්ස් කුමරුගේ ඕස්ට්‍රේලියා සංචාරයේදී ඩයනා කුමරිය අඳින ලද ඇඳුම් නැවත ප්‍රතිනිර්මාණය කර තිබුණා. එම සංචාරයේදී ඇය අඳින ලද බෲස් ඕල්ඩ්ෆීල්ඩ් ගවුම ඒ අතරින් විශේෂයි. ඇගේ තාරුණ්‍යය. චාල්ස් කුමරු සමඟ තිබුණු ආදරණීය බැඳීම එම ගවුමෙන් මනාව සංකේතවත් වූ බව කියනවා.

අනෙක් පැත්තෙන් රැජිණගේ ඇඳුම් පවා විශේෂයි. ඇය අසූව දශකයේදී වැඩිපුර ලා නිල්, කොළ සහ දුඹුරු වර්ණ පාවිච්චි කර තිබෙනවා. රැජිණ බවට පත් වූ පසු, ඇයට ලැබුණු නව ජීවිතයට හොඳින් හැඩගැසුණු, චාරිත්‍ර වාරිත්‍රවලට පුරුදු වූ ඒ ජීවිතය සුවපහසුවෙන් විඳින කාන්තාවක් බවට ඇය අසූව දශකයේදී පත් වූ බව කියනවා.

මාග්‍රට් තැචර් අසූව දශකය වෙද්දී බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලෝකයේම බලවත්ම චරිතයක් බවට පත් වුණා. ඇය යකඩ ගැහැණිය ලෙස හැඳින්වුවා. ඇගේ ඇඳුම්වල උරහිස් කොටස විශේෂ බවත්, ඇගේ බලය සංකේතවත් කරන්නට එම කොටසේ හැඩතල උදව් වූ බවත් කියනවා. ඇගේ ඇඳුම්, කොණ්ඩය ඇතුළු බාහිර පෙනුම ඇගේ බලය සංකේතවත් කරන අපූරු කාරණයක් වුණා. එක් මොහොතක ‘නම්බර් 10 ඩවුනින් වීදිය’ හෙවත් අගමැති නිල නිවසේ ඉදිරිපස නයිෆ්-ප්ලීට් සායක් හැඳ සිටගෙන සිටියදී, එම සායේ රැළි සුළඟට සෙලවෙන රූප විශේෂයි. එමෙන්ම පිරිමින් ටයි පටි පළඳිමින් තමන්ගේ බලය පෙන්වන ලෝකයක, පුසීබව් බ්ලව්ස් (කාටහරි විහිළුවට වාගේ යෝනි ආචාර බ්ලවුස් එක කියා සිංහලට පරිවර්තන කළ හැකියි.) හෙවත් කාන්තාවගේ බලවත්කම පෙන්වන කමිසය ඇය නිතර ඇන්දා. එම කමිසයේ මැද පටිය ටයිපටියට විකල්පයක්. ටයි අඳින පිරිමි බහුතරයක් වන ලෝක රාජ්‍ය නායකයන් අතර වගේම, එංගලන්තයේ ඉහළ ආයතන අතරත් ඇයට හිමි ශක්තිය පෙන්වන්නක් වුණා.  

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙලා

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඇප...

නාට්‍ය කණ්ඩායමක් පසුපස රහස් පොලිසිය ලුහුබැඳලා

මලෛයගම් (කඳුකරය) කේන්ද්‍රය කරගනිමින් කලා කටයුතුවල නිරත වන Theatermates නමැති කණ්ඩායමට ආරක්ෂක අංශවලින් තර්ජන එල්ල වන බවට පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, පසුගියදා පැවැති...

ඉදිරි දිනවල කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නොවැම්බර් 23 වැනිදා පමණ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින 2...

POPULAR ARTICLES