26 C
Colombo
Friday, October 18, 2024

Breaking: කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණ නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

තමන් ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණා.

ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින්  ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙම ඇප අයදුම්පත ඔහු විසින් ඉදිරිපත් කෙරුණා.


RECENT ARTICLES - SINHALA

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

ජනපති ගැන අසත්‍ය පුවතක්

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...