26 C
Colombo
Friday, October 18, 2024

පාසල් වෑන් රියකින් ගවයන් ගෙන ගිය පොලිස් නිලධාරියෙක් ඇතුළු 3ක් කොටු

- Advertisement -

යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේදී වෑන් රථයකින් නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී අද (04) අලුයම් කාලයේදී පොලිස් නිලධාරියෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුංකුඩතිව් සිට මණ්ඩතිව් දක්වා නීතිවිරෝධීව ගවයින් මස්පිණිස රැගෙන යන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරකට අනුව  නිලධාරීන් පිරිසක් පුංකුඩතිව් මාර්ගයේ අද අලුයම් කාලයේදී සෝදිසියක නිරතවී තිබුණා.

එහිදී පාසල් සේවය යනුවෙන් ප්‍රදර්ශනය වූ වෑන් රථයක් අධික වේගයකින් ධාවනය වීම හේතුවෙන් එය නවතා සිදුකරන ලද පරික්ෂාවකදී වෑන් රථය තුල පා බැඳ දැමූ ගවයින් 08 දෙනෙකු සිටියදී  සොයා ගෙන තිබෙනවා.

එලෙස ගවයින් ප්‍රවාහනය කිරීමට කිසිදු බලපත්‍රයක් නොමැති වීම හා ගවයින්ට වධහිංහා පමුණවමින් ප්‍රවාහනය කිරීම යන චෝදනා මත වෑන් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් පිරිස අතර යාපනය පොලීසියේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකුද සිටි බවද වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් ගවයින් සහ සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...