28 C
Colombo
Sunday, September 8, 2024

ජංගම දුරකථන මිල වේගයෙන් පහළට

- Advertisement -

ඩොලරය අඩුවීම හේතුවෙන් ජංගම දුරකතනවල මිල ලක්ශ එකාහාමාරකින් (150,000) පමණ පහළ යන බව ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පවසනවා.

උත්සව සමයේ අඩු මිලට ජංගම දුරකතන මිලදී ගැනීමට හැකියාවක් පවතින බවද ඔහු මෙහිදී සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“උදාහරණයක් විදිහට අපිට ගන්න පුලුවන් මිල අධිකම ජංගම දුරකතනය වන iPhone 15 Pro Max එක කළින් පැවති මිල 515,000ක් විතර ගිය ෆෝන් එක වර්තමාන වෙළඳපොළේ 375000ක විතර මිලකට අපේ පාරිභෝගිකයින්ට ලබා ගන්න පුලුවන්. මේක ඇත්තටම මහඟු අවස්ථාවක්…

ඩොලරය වැඩි වීමට පෙර රුපියල් 2000ට 3000ට තිබ්බ ෆෝන් එක ඩොලරය වැඩි වීමත් සමඟ 10000 පැනලායන්න ගත්තා. දැන් 7000 බැස්සා. ජංගම දුරකතනය අත්‍යවශ්‍ය කාරනයක් වෙලා තියෙනවා. ඩොලර් මිල අඩු වීමත් සමග අපි සංගමයක් විදිහට මිල පහල දැම්මා. අලුතින් ජංගම දුරකත්න සදහා වැට් එකක් දැම්මා. ජංගම දුරකතන ආනයනයේදී 18%ක් විතර වැට් එකක් වදිනවා. ඉතින් ඒ හින්දා තමයි මේ මට්ටමේ නැවතිලා දැන් තියෙන්නේ.ඒක නැත්නම් තව මිල අඩුවෙන්න තිබුනා මේ මිල අඩු වීම සමග අමතර උපාංග වල මිලත් අඩුවෙනවා. උත්සව සමයේ අඩු මුදලට ජංගම දුරකථනයක් ගන්න පුලුවන්. අලුත් වෙන උපකරණයක් වන ජංගම දුරකතන ගෙන්වීමේදී TRC කටයුතු නිසා අලුත් දේවල් ලංකාවට පැමිනීමේ පරක්කුවක් තියෙනවා අපි ඔවුන් සමග සාකච්චාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

කාම්බෝජයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ලාංකිකයෙක් මරුට

කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04...

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මරුට

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...