31 C
Colombo
Friday, October 18, 2024

රෝග ව්‍යාප්තිය ගැන වෙනස් වු අනාවරණයක්

- Advertisement -

විවිධ ලෙඩ රෝග පැතිරීම ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව සිදුවන්නේ මීයන් සහ වවුලන්ගෙන් බවට කාලාන්තරයක් පුරා තිබූ මතය වෙනස් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකට හැකිව තිබෙනවා.

එම පර්යේෂණයට අනුව හෙළි වී ඇත්තේ මෙම සත්තුන්ට වඩා මිනිසාගෙන් රෝග සම්ප්‍රේෂණය ඉතා වේගයෙන් සිදු වන බවයි.

එංගලන්තයේ University College London හි පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ එම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ සතුන්ට වඩා දෙගුණයක් වේගයෙන් මිනිසාගෙන් වෛරසයක් සම්ප්‍රේෂණය විය හැකි බවයි.

ඔවුන් සිදුකළ වෛරස් විශ්ලේෂණ අනුව බොහෝ අවස්ථාවන්හිදී එනම් 64% ක දී පමණ වෛරස් මිනිසුන්ගෙන් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඇති බව සොයාගෙන තිබෙනවා.

එමෙන්ම මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් ද රෝග පැතිරීමට දායක වන බව ඔවුන් පවසනවා.

ඔවුන් පෙන්වා දී තිබෙන්නේ සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, පරිසර දූෂණය වැනි අහිතකර ක්‍රියාවන් හේතුවෙන් වේගයෙන් මිනිසාගෙන් විවිධ ලෙඩ රෝග සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි බවයි.

මෙම තත්ත්වය මිනිසාට මෙන්ම සතුන්ටද තර්ජනයක් වන බව පර්යේෂණ කණ්ඩායම පවසනවා

ව්‍යාප්ත වන වෛරස නව ධාරකයා තුළ පරිණාමය විය හැකි අතර ඒ අනුව මිනිසාගෙන් සතුන්ටත්, සතුන්ගෙන් නැවතත් මිනිසුන් වෙතටත් පැතිරීම සිදුවිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.

පර්යේක්ෂකයින් පවසන්නේ එය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් විශේෂයන්ට දිගින් දිගටම තර්ජනයක් විය හැකි බවයි.

සතුන් සහ මිනිසුන් අතර වෛරස් සම්ප්‍රේෂණය වීම පිළිබඳව සමීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම මගින්, අපට වෛරස් පරිණාමය වන අයුරු වඩා හොඳින් අවබෝධ කර ගත හැකි වන අතර, අනාගතයේදී නව රෝග පැතිරීම් සහ වසංගත සඳහා වඩාත් සූදානම් විය හැකිය බව එම පර්යේක්ෂකයින් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 21ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පාසල් ළමුන් 21 දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙක්...

ගිනි අවි යළි භාර දෙන ලෙස කළ නිවේදනයට එරෙහිව පෙත්සමක්

ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්...

කායික දුබලතා සහිත අය වෙනුවෙන් මැතිවරණ කොමිසමෙන් තීරණයක්

මහමැතිවරණයේදී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන්ට ඡන්ද මධ්‍යස්ථාන කරා යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...