24 C
Colombo
Saturday, November 9, 2024

එක්සත් ජාතික පක්ෂයයි සජබ යයි එකතු වෙන්න ඕන- තලතා අතුකෝරළ

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයෙන් තම කණ්ඩායම ඉවත්වී එය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරනවා.

ඇය පවසන්නේ තමන් එම මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූයේද දැඩි කලකිරීමකින් බවයි.

සජබ කළමනාකාර මණ්ඩලය මාස ගණනාවකින් රැස්ව නැති බව පැවසු අතුකෝරළ මහත්මිය පක්ෂයට විවිධ පිරිස් සම්බන්ධ කර ගනිද්දී එම මණ්ඩල සමඟ සාකච්ඡා කිරීම වඩා සුදුසු බව පවසනවා.

එසේ සාමූහික සාකච්ඡාවක් තුළින් තීන්දු නොගැනීම නිසා යම් යම් ගැටලු ඇති වී තිබෙන බවත් මන්ත්‍රීවරිය සඳහන් කරනවා.

එම ක්‍රමවේදයේ ගැටලු හේතුවෙන් තමන් පක්ෂයෙන් මේ දිනවල යම් නිහඬතාවයක සිටින නමුත් එය පක්ෂයට හෝ පක්ෂ නායකයාට අභියෝග කිරීමක් නොවන බව අතුකෝරළ මහත්මිය පවසා සිටියා.

එක්සත් ජාතික පක්ෂය හා සජබ එක් විය යුතු යන මතයේ තමන් 2020 වසරේ සිට සිටිය බවත් ඒ සඳහා සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වූ බව පවසන තලතා අතුකෝරල මහත්මිය එය තමන්ගේ නිහඬතාවයට තවත් බලපාන එක කරුණක් බව සඳහන් කළා.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ මෙම පක්ෂ දෙක එකතු කළ යුතුය යන මතයේ පක්ෂයේ පිරිසක් සිටිනා බවත් පක්ෂය ඉදිරියේ ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් මෙන්ම අර්බුදයක ඇති රට ගොඩගන්නා වැඩපිළිවෙලක්ද තිබිය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES