24 C
Colombo
Wednesday, January 8, 2025

වැඩිහිටි ජනගහණය වැඩිවීමෙන් චීනය විශ්‍රාම වැටුප් අර්බුදයක

- Advertisement -

චීනයේ ජනගහනයේ විකාශනයත් සමඟ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යාවත්කාලීන නොවීමෙන් එරට වැඩිහිටියන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

2022 වසරේදී මිලියන 280.04ක්ව පැවති චීනයේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය 2023 වසරේදී මිලියන 296.97ක් දක්වා වර්ධනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඒ අනුව, චීනයේ මුළු ජනගහනයෙන් 21.1%ක් වයස අවුරුදු 60ට වැඩි අය බව සදහන්.

වයස්ගත ජනගහනයේ වැඩි වීමත් සමඟ ඊට සරිලන ප්‍රතිසංස්කරණ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය තුළ සිදු නොවීම තුළ ඉදිරියේදී එම වැටුප් ක්‍රම වේදය පවත්වා ගෙන යාම පවා අර්බුදකාරී වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

දැනටමත් චීනයේ විශ්‍රාමිකයන්ට අවශ්‍ය පුළුල් ආවරණයන් හා ප්‍රතිලාභ ලැබීමේ අසමානතා දක්නට ඇති බව එම වාර්තාවල සදහන් වනවා.

චීන රජයේ ප්‍රතිපත්ති හා වැඩිහිටියන්ගේ අවශ්‍යතා අතර, සම්බන්ධීකරණයක් නොමැතිකම චීනයේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයේ කැපී පෙනෙන දුර්වලතා ලෙස පෙනී යන බව එරට ආර්ථික විශ්ලේෂකයන් ද පෙන්වා දී තිබෙනවා.

එරට රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ ආර්ථික වර්ධනයට හා ජනගහන ස්ථාවරත්වයට බවත්, වයස්ගත ජනගහනයේ සුබසාධන නොසලකා හැර ඇති බවත් ඔවුන් පවසන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

RECENT ARTICLES - SINHALA

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී...

POPULAR ARTICLES

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...