සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ එම තනතුරෙන් ඉවත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තමන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය.
කෙසේ වෙතත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරව සෞඛය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 12 වනදා වන අතර එම තනතුර සදහා ඔහුට මේ වන තෙක් ස්ථිර පත්වීමක් ලබා දී නොතිබුණි.