26 C
Colombo
Friday, October 25, 2024

ඡන්දෙට ඉදිරිපත් වෙන අයගේ ඇප මුදල ඉහළට. අලුත් ගාන මෙන්න

- Advertisement -

මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සහ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන පරිදි දැනට පවතින ඇප තැන්පතු මුදල් සීමාවන් කාලෝචිත පරිදි වත්මන් සමාජ, ආර්ථික සහ දේශපාලන පසුබිම අනුව යාවත්කාලීන කිරීම සුදුසු බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, පහත පරිදි අදාළ ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

  • 1981 අංක 15 දරන ජනාධිපතිවරයා ගැනීමේ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6 දක්වාත්, ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වාත් ඉහළ නංවා තිබෙනවා.
  • 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11,000/- දක්වාත්, ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000/- දක්වාත් ඉහළ නංවීමට අනුමැතිය හිමිව තිබෙනවා.
  • 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 6,000/- දක්වාත්, ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11,000/- දක්වාත් ඉහළ නැංවීම.
     

RECENT ARTICLES - SINHALA

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...