දෛනිකව සිදුවන වෙඩිතැබීම් සහ අපරාධ සිද්ධිවලට හේතු වී ඇත්තේ රටේ බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශවල පවතින දුර්වලතා බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මේ බව සඳහන් කළා.
උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේ එම අංශ ශක්තිමත් කිරිමෙන් තොරව අපරාධ රැල්ල මැඩලීමේ හැකියාවක් නොමැති බවයි.