ඉකුත් 10,11සහ 12 යන දින තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ වාහන 366,000ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව, එම දිනයන්හි අධිවේගී මාර්ගවලින් උපයන ලද ලද ආදායම රුපියල් මිලියන 126ක්.
අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා මේ බව සඳහන් කළා.