24 C
Colombo
Friday, November 15, 2024

කෙහෙළියගේ නිල රථ තවමත් භාර දිලා නැහැ

- Advertisement -

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබාදුන් නිල වාහන දෙක තවමත් ඔහු විසින් රජයට භාර දී නොමැති බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එම වාහන දෙක පරිහරණය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළ බව ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරනවා.

මීට අමතරව හිටපු අමාත්‍යවරයාට විජේරාම මාවතේ ලබාදී තිබූ නිල නිවසද මෙතෙක් ඔහු ආපසු භාර දී නෙමැති බව අදාළ නිලධාරියා සඳහන් කර තිබෙනවා

රාජ්‍ය නිලධාරියකු රිමාන්ඩ් භාරයේ සිටී නම් ඔහුට ලැබී ඇති සියලු වරප්‍රසාද වහා අහෝසි වන බැවින් හිටපු අමාත්‍ය රඹුක්වැල්ල මහතාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ මන්දැයි එම නිලධාරියා ප්‍රශ්න කර තිබුණා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ද වැලිකඩ බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින අමාත්‍යවරයාගේ සුවදුක් විමසීම සඳහා පැමිණෙන්නේ අදාළ නිල රථ දෙකින් බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ටොයෝටා ප්‍රාඩෝ රථයක් සහ මර්සිඩීස් වර්ගයේ වාහනයක් මෙසේ ඔහු ආපසු අමාත්‍යාංශය වෙත භාර දී නැහැ.

RECENT ARTICLES - SINHALA

කොළඹ – බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මෙන්න

කොළඹ  දිස්ත්‍රික්කයේ බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,318සමගි ජන බලවේගය - 9,246නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 1,654ශ්‍රී...

ගාල්ල – කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 35,787සමගි ජන බලවේගය - 6,649ශ්‍රී...

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

POPULAR ARTICLES