28.1 C
Colombo
Sunday, April 13, 2025

පියුමි හංසමාලිගේ වත්කම් හොයන්නැයි පැමිණිල්ලක්

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අද (17) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

“මැතිවරණයක් අත ළඟ. දේශපාලඥයන් තමන් ඉතිරි කර ගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට වියදම් කිරීමට සුදානම් වෙනවා. මුදල් විශුද්ධිකරණයේ යෙදෙන ජනතාවට එය හොඳ කාලයක් වී ඇති බවත් පැහැදිලියි. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය (CBH 1949) පියුමි හංසමාලි ලබා ගත්තේ කොහොමද යන්න පිළිබඳව අපට යම් සැකයක් තිබෙනවා.රේන්ජ් රෝවර් වාහනය දුන්නේ හිටපු ජනාධිපතිවරයාටද නැතිනම් ගෝඨාභය පියුමිට දුන්නාද කියන ප්‍රශ්නය මතුවෙනවා.පියුමි හංසමාලි මේ වෙන කොට ජිවත්වෙන්‌නේ අධි සුඛෝපභෝගී මහල් නිවාසයක සහ සුඛෝපභෝගී විදියට ජිවත් වෙනවා.එතකොට අපිට සැකයක් එනවා දේශපාලනඥයන්ගේ කළු සල්ලි සුදු කිරිම සඳහා පියුමි පාවිච්චි වෙනවද කියලා.ඒ් නිසා තමයි අපි විශේෂ විමර්ෂණ ඒ්කකයට ආවේ නිති විරෝධි වත්කම් සම්බන්ධයෙන්.

ක්‍රිම් විකුණලා කෝටි දහයක් විතර වටිනා රේන්ජ් රෝවර රථයක් පියුමි හංසමාලි ලබා ගත්තේ කෙසේද යන්න විමසා සිටින සංජය මහවත්ත මහතා තමා මෙවනිම ක්‍රිම් විකුණන තව කිහිප දෙනෙකු දන්නා බවත් එදිනදා ජිවත් විමේ අපහසුතාවෙන් සිටින බවත් සදහන් කර සිටියා.

දේශපාලඥයන්ගේ කළු සල්ලි සුදු කරනවා කියන්නේ රටට කරන බරපතල වැරැද්දක් බවද පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...