ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවත් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මතුගම ප්‍රදේශයේ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.
එහිදී අදාල බස්රථයේ රියදුරු සහ රිය සහයකද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එම රියදුරුට සහ රිය සහයකට එරෙහිව නිරෝධයන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.