27.2 C
Colombo
Saturday, April 12, 2025

පොලිසියට එරෙහිව පොලිසියෙන් පෙත්සමක්

- Advertisement -

අරගලය පැවති සමයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිතැබීමේ සිද්ධීන් වළක්වාලීමට කටයුතු නොකළ ස්ථාන මාරු කර සිටි පොලිස් ස්ථානාධිපතිවරු පස්දෙනෙකුට මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට කටයුතුකර ඇති බව පොලිස්පතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

පොලිස් ස්ථානාධිපති පස්දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි පෙත්සම්කරුවන්ට සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව සඳහන් කළා .

ඒ අනුව පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපති තුන්දෙනෙකු එම පොලිස් ස්ථාන බාරගැනීමට එකඟතාවය පළකිරීමත් සමගම ඔවුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණා.

එහෙත් පෙත්සම්කරුවන් දෙදෙනෙකු පොලිස්පතිවරයා විසින් යෝජනා කරන ලද පොලිස් ස්ථාන බාරගැනීම සඳහා එකඟතාව පළ නොකල අතර ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් සඳහන් කළේ මේ හරහා  සිය තනතුරු පහත හෙළීමක් සිදුව ඇති බවයි.

ඒ අනුව එම පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනාගේ පෙත්සම් සලකාබැලීම සඳහා මැයි මස 29 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල  නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES