නැවත දැනුම් දෙන තුරු සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
නොවැම්බර් 16 වන දින උදෑසන 8.00 වනවිට සියලුම බන්ධනාගාර නිලධාරීන් සිය ආයතනවලට වාර්තා කළයුතු බවත් උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පවසයි.