30 C
Colombo
Wednesday, January 15, 2025

ජන අරගලයට එල්ල වුණු ප්‍රහාරයට වසර දෙකයි

- Advertisement -

පැවති මහජන පීඩක පාලනයට අභියෝග කරමින් ජනතාව අතරින් ගොඩනැඟුණු සාමකාමී අරගලයට එල්ල වුණු නින්දිත ප්‍රහාරයට අදට (09) වසර 02ක් සපිරෙනවා.

2022 වසරේ මැයි 09 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව ගාලු මුව දොර පිටියේ මෙන්ම  අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව අසල රැස්ව සිටි සාමකාමී විරෝධතාකරුවන්ට  ප්‍රහාරයක් එල්ල වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් සහ ආධාරකරුවන් පිරිසක් 2022 වසරේ මැයි මස 09 වෙනිදා උදෑසන  අරලියගහ මන්දිරයට රැස්වීමෙන් අනතුරුව ‘මයිනා ගෝ ගම’ රැඳී සිටි විරෝධතාකරුවන්ට පහර දීමට කටයුතු කර තිබුණා.

පසුව ඔවුන් ගාලු මුව දොර පිහිටා තුබූ ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමිය දෙසට ගමන් ගෙන එහි රැඳී සිටි සාමකාමී අරගල කරුවන්ට පහර දී එම ස්ථානයේ තිබූ කූඩාරම්, පුස්තකාලය ආදී ස්ථානවලට පහර දී ගිනි තබා විනාශ කරනු ලැබුවා.

සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ දිවයින පුරා දැඩි නොසන්සුන්කාරී  තත්වයක් හට ගත් අතර කොළඹ මෙන්ම අනෙකුත් නගරවලද සාමාන්‍ය ජනතාව අරගලයට පහර දීමට පැමිණි  පොදු ජන පෙරමුණේ ආධාරකරුවන්ට එරෙහිව පෙළ ගැසෙනු දක්නට ලැබුනා.

එම අවස්ථාවේදී කෝපයට පත් සාමාන්‍ය ජනයා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පැමිණි බස් රථ  විනාශ කිරීම මෙන්ම ඔවුන්ට පහර දී බේරේ වැවට බස්වා තිබූ අයුරු දැක්වෙන වීඩියෝ පටද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

කෙසේවෙතත්, හෝරා කිහිපයක් පුරාවට පැවති මෙම භීෂණකාරී තත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ඝාතනයට ලක්වූ අතර පුද්ගලික නිවාස ඇතුළු දේපළ 855කට බරපතළ හානි සිදු වුණා.

එමෙන්ම, අරගල භූමියට පහර දුන් අවස්ථාවේදී පොදු ජන පෙරමුණේ ප්‍රචණ්ඩකාරී පිරිස් පාලනය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පොලීසියට මෙන්ම අනෙකුත් බලධාරීන්ටද චෝදනා එල්ල වෙනවා.

මෙම අවස්ථාවේදී ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම වලක්වා නොගැනීම හා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හට අරගල භූමියට ඇතුළුවීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් එවක බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට චෝදනා එල්ල වුණා.

ඔහුට ඇති මහජන විරෝධය උච්චස්ථානයට පැමිණෙමින් 2022 මැයි 10 වැනිදා කොළඹ ගංගාරාමය අසළදී පිරිසක් මහමඟදීම ඔහුට පහරදී තුවාල සිදුකරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

POPULAR ARTICLES