27.9 C
Colombo
Sunday, April 6, 2025

අහුංගල්ලේ වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය සොයා ගනී

- Advertisement -

අහුංගල්ල,  බෝගහපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සඳහා ඝාතකයන් පැමිණී බවට සැක කෙරෙන යතුරු පැදිය සොයා ගෙන ඇති බවට පුවතක්  ‘ලංකාදීප’ වාර්තා කරනවා.

කොස්ගොඩ පොලීසිය පවසා ඇත්තේ බාන්වැල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගිනි තබා තිබියදී මෙම යතුරු පැදිය සොයාගත් බවයි.

ලද තොරතුරක් අනුව මෙම යතුරු පැදිය සොයා ගන්නා විට හඳුනා ගත නොහැකි සේ ගිනි තබා තිබූ බව කොස්ගොඩ පොලිසිය තවදුරටත් සඳහන් කර තිබෙනවා.

 පසුගිය 08 වනදා රාත්‍රි 8 ට පමණ අහුන්ගල්ල. බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසකදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කුඩා ගිනි අවියකින් වෙඩි තබා ඝාතනයක් සිදු කළා.

පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩුබායිහි සිටින නදී ෆාබෲ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පියා එලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES