28 C
Colombo
Sunday, September 8, 2024

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා-වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

- Advertisement -

ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් පවරපු නඩුවකදි ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම සංකූලතා දුලබව ඇතිවන බව පිළිගත් දෙයක් බවත් එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ විජේවික්‍රම මහතා එන්නත් ගත් කාලයේදී ඇති වූ සංකූලතාවක් පමණක් බවත් ඒ නිසා එන්නතෙන් එවැනි අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද ඔහු පවසා සිටියා.

කොවිඩ් වසංගතය පාලනය සඳහා නිපදවූ එන්නත් මගින් කොවිඩ් රෝගය මැඩපැවැත්වීමට ලබාදුන්නේ විශාල සහායක්.

රටවල් වැසී දෛනික කටයුතු අඩපණව පැවති වාතාවරණයක කොවිඩ් පාලනයට එන්නතක් හඳුන්වාදීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් සමත්වූයේ 2020 වසරේ අග භාගයේදීය.

එන්නත නිපදවා පළමු වසර ඇතුළතදී එන්නත් මාත්‍රා බිලියන 3ක් ඇස්ට්‍රාසෙනෙකා සමාගම ලොවපුරා බෙදා ඇති අතර එමගින් මිලියන 6කට වැඩි ජීවිත සංඛ්‍යාවක් බේරාගැනීමට හැකිවූ බව එම සමාගම සඳහන් කළා

පසුව තවත් කොවිඩ් එන්නත් කිහිපයක්ම ලොව හඳුන්වා දෙනු ලැබූ පසුබිමක අමෙරිකාව මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ට අනුමැතිය නොදුන්නේ රුධිර කැටිගැසීම සඳහා එය හේතුවී ඇතැයි ලැබුණු සැකසහිත තොරතුරු මතයි.

කෙසේවෙතත් එන්නත බෙදාහැරීම ඇරඹී වසර තුනකට පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේ රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බවට එම ආයතනය බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමෙන් පසුවය.

කොවිඩ් පාලනය ලබාදුන් එන්නත මගින් රුධිරය කැටි ගැසීම සහ රුධිර පට්ටිකා අඩුවීම යන තත්ත්වයන් එකතුවීමෙන් ඇතිවන දුර්ලභ සංකූලතාවයන් ඇති වන අතර මේ නිසා ආඝාතය, මොළයට හානි වීම, හෘදයාබාධ, පෙනහලු ආබාධ, ශරීරාංග ඉවත් කිරීම වැනි ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව වාර්තා වී තිබෙනවා.

රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට පාර්ශ්ව කිහිපයක්ම එම සමාගමට එරෙහිව නඩු පවරා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් නමින් මෙරටට ගෙන්වූ එන්නත පළමු මාත්‍රාව ලෙස පුද්ගලයින් 1,479,631ක් ලබාගෙන ඇති අතර එම එන්නත දෙවන මාත්‍රාව ලෙස 1,418,593 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවයි.


RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

කාම්බෝජයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ලාංකිකයෙක් මරුට

කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04...

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මරුට

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...