31 C
Colombo
Friday, October 18, 2024

ලාල් සහෝදරයට වචනෙක පොඩි වරදක් වුණා – නලින්ද ජයතිස්ස

- Advertisement -

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදුකළ ප්‍රකාශයකදී වචනයක සුළු වරදක් සිදු වූ බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කෙසේ නමුත් ඔහු සඳහන් කළ සමස්ත කතාවේ හරයෙහි කිසිදු වරදක් නොමැති බවත් පක්ෂයක් ලෙස ජනතාවට බලය බෙදීම සම්බන්ධයෙන් වන පොදු ප්‍රතිපත්තියක සිට ජාතික ජනබලවේගය කටයුතු කරන බවත් නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙනවා.

නලින්ද ජයතිස්ස මහතා වැඩිදරටත් සදහන් කරන්නේ මේ ආකාරයෙන් ජාතික ජනබලවේගයේ කථිකයින් සිදුකරන අදහස් දැක්වීම්වල කරුණු විකෘති කරමින් ආණ්ඩුව සහ විපක්ෂය හැසිරෙමින් සිටින්නේ ඔවුන් හමුවේ ඇති නියත පරාජය හමුවේ බවයි.

මෙවර මැයි දිනයේදී කාල් මාක්ස්, ලෙනින් සහ රෝහණ විජේවීර මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන්ද අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති මෙම සාකච්ඡාවේදී ඔහු විසින් අදහස් දක්වා තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...