28 C
Colombo
Sunday, September 8, 2024

ඇප ලැබුනත් ඉම්රාන් ඛාන්ට සිරදඩුවම්

- Advertisement -

සිරදඬුවම් ලබා සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින තවත් එක් නඩුවක් සම්බන්ධයෙන් ඔහුට ඇප නියමවී තිබෙනවා.

ඒ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවකට අදාළව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු අගමැති ඛාන් පාකිස්තානයේ අගමැතිව සිටි කාලයේ දී නීති විරෝධී උපකාර සඳහා ත්‍යාග වශයෙන් දේපොළ වෙළෙඳාම්කරුවෙකු ලබාදුන් ඉඩම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වී තිබුණා.

හිටපු අගමැති ඛාන් ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ ඇප ඉල්ලුම් කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරමින්.

පසුගිය අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින හිටපු අගමැතිවරයාට මෙලෙස ඇප නියම වුවත් තවත් නඩු දෙකකට අදාළව ඔහුට සිර දඩුවම් නියමව පවතින හෙයින් සිරගතව සිටින අගමැතිවරයාට මෙම ඇප හිමිවීම හරහා තවදුරටත් නිදහස් නොවනු ඇති.

RECENT ARTICLES - SINHALA

රට භාරදෙන්න සුදුසුම පුද්ගලයා සජිත් – මිහින්තලේ හිමි

ජාතික ජන බලවේග වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ අය භික්ෂූන් වහන්සේලා වන බවත් අනෙකුත් දේශපාලන වේදිකාවල භික්ෂූන් සිටින විට ඔවුන් චීවරධාරීන් දුසිල්වන්තයන් ලෙස හංවඩු...

බිරිද ඝාතනය කළ සැමියා දිවි නසාගනී

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම...

වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් එක් අයෙක් සිදුවූ වනඅලි පහරදීමකින් මියගොස් ඇත්තේ, කල්මුණ බස් නැවතුම්පොළ...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...