31 C
Colombo
Friday, October 18, 2024

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් 1000ක ව්‍යාජ මුදල් නෝට්ටු 09ක් ළග තබාගත් සැකකරුවෙකු වීරකැටිය – මැදමුලන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

පොලිසිය පවසන්නේ, තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 32 හැවිරිදි වියේ පසුවන වීරකැටිය – මැදමුලන පදිංචිකරුවෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – මඩකලපුව සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද (18) දිනට නියමිත සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ...

මාදම්පිටියේ ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී පසුගිය බදාදා (16) වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට කාර්...

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...