31 C
Colombo
Friday, October 18, 2024

ටිරාන්ගේ දේශපාලන රැස්වීමකට දේශබන්දු බලෙන් පොලීසිය ගෙන්වීමේ සූදානමක්

- Advertisement -

පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පස්වරු 2ට මේ රැස්වීම පැවැත්වීමට නියමිතයි.

එක් පොලිස් කොට්ඨාසයකින් එක් බස් රථයක් බැගින් මේ රැස්වීම සඳහා පිරිස ගෙන ඒමට කටයුතු සම්පාදනය කළ යුතු බවට ඒ ඒ ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරුන් හට දැනුම් දී තිබෙනවා.

මේ සඳහා එක් පොලිස් ස්ථානාධිපතිවරයකු රුපියල් 7,000ක මුදලක් සහ ඩීසල් ලීටර් 10කට අවශ්‍ය වියදම් ලබාදිය යුතු බවට නියෝග කර තිබෙන බවටද තොරතුරු වාර්තා වනවා.

මීට මාස දෙකකට පෙර පොලිස්පතිවරයාගේ කාර්යාලයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ ප්‍රදේශයේ කීර්තිමත් විශ්‍රාමික පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් එවන ලෙසයි.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් විදුහල්පතිවරුන්, රජයේ සේවයේ සිටි ඉහළ නිලධාරීන් වැනි පුද්ගලයන්ගේ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් මගින් පොලිස්පති කාර්යාලය වෙත යොමුකර තිබෙනවා.

ඉන්පසු දැනුම් දී ඇත්තේ අදාළ නම් එවන ලද පුද්ගලයන් ඇමතීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අවශ්‍ය වී ඇති බැවින්, ඒ සඳහා සියලු පහසුකම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සැපයිය යුතු බවයි.

ඒ අනුව පොලිස් කොට්ඨාස 45න් වායු සමනය කරන ලද බස් රථ 45ක් යොදවන ලෙසත්, අදාළ පුද්ගලයන්ගේ ආහාර සහ හෝටලයේ වියදම් සඳහා රුපියල් 7,000 බැගින් ලබාදෙන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙනවා

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...