26 C
Colombo
Friday, October 18, 2024

යුද්ධයට මැදිවූ ලාංකිකයන් බේර ගන්න රුසියාවට දූත පිරිසක්

- Advertisement -

රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සොයා බැලීමට හැකි තරම් ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු තානාපතිවරයෙකු ඇතුළු පිරිසක් නියෝජනය කරමින් එම ධූත පිරිස යැවීමට ජනාධිපතිවරයා උපෙදස් දුන් බව තාරක බාලසූරිය මහතා මෙහිදී පවසා සිටියා.

එමෙන්ම, රුසියාවට ගිය පුද්ගලයින්ගේ තොරතුරු එක් කිරීම සඳහා මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

තාරක බාලසූරිය මහතා තවදුරටත් සඳහන් කළේ , නිල නොවන ආරංචි මාර්ගවලට අනුව මේ වන විට 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී ඇති අතර ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකි බවයි.


RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...