28 C
Colombo
Sunday, September 8, 2024

ඉරාන ජනපති වෙනුවෙන් ‘හමාස්’ සංවිධානයේ ශෝකය

- Advertisement -

ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් හමාස් සංවිධානය ශෝකය පළ කර තිබෙනවා.

එම සංවිධානයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ වියෝව සම්බන්ධයෙන් සහෝදර ඉරාන ජනතාව සමඟ දුක සහ වේදනාවේ හැඟීම් බෙදාගන්නා බවයි.

ඉරානය සමඟ සම්පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවද එම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හෙලිකොප්ටර් අනතුරෙන් මිය ගිය අය ඉරාන පුනරුදයේ දිගු ගමනක් ගිය හොඳම නායකයින් පිරිසක් බවටද හමාස් සංවිධානය ප්‍රකාශ කරනවා.

පලස්තීන ගැටලුවේදි ඉරාන ජනාධිපතිවරයා සහ නායකයින් දැක්වූ සහයෝගීතාව වෙනුවෙන් ද හමාස් සංවිධානය සිය ප්‍රණාමය පුද කර තිබෙනවා.

වසර 1979 ඉස්ලාමීය විප්ලවයේ සිට ඊශ්‍රායලයේ පස මිතුරෙකු ලෙස කටයුතු කළ ඉරානය, හමාස් ඇතුළු මැදපෙරදිග විවිධ සංවිධාන ගොඩනැගීම සඳහා අරමුදල්, ආයුධ සහ පුහුණුව වසර ගණනාවක් තිස්සේ ලබාදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

කාම්බෝජයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ලාංකිකයෙක් මරුට

කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04...

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මරුට

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...