24.6 C
Colombo
Tuesday, January 7, 2025

ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් මාස 11කට පසු මාට්ටු

- Advertisement -

කොට්ටාව හොරණ පාරේ පෞද්ගලික රසායනාගාරයක් තුළදී මීට මාස එකොළහකට පෙර පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අයිස් ග්‍රෑම් විසි පහක්, ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ හතලිස් හයක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන දැනට අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයකු වන එස්.එෆ් ජගත් නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළා.

එස්.එෆ්. ජගත් නමැත්තාගේ උපදෙස් මත සම්පූර්ණ මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු කොට්ටාව හොරණ පාරේ පිහිටි පෞද්ගලික රසායනාගාරයට 2023.06.21 දින යතුරු පැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් සහ 3.8 වර්ගයේ ගිනි අවියකින් එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කොට පලා ගොස් තිබුණා.

පසුව මේ සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය විමර්ශන සිදුකරමින් සිටියදී මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , පුද්ගලයන් දෙදෙනකු කොට්ටාව බංගලාවත්ත ප්‍රදේශයට පැමිණෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් රැකවලා සිටියදී ඒ අසලින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු නවතා පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයකු සන්තකයේ අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 600 ද අනිත් පුද්ගලයා සන්තකයේ අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 300 , ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ 46 තිබී භාරයට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන...

පුංචි ඡන්දෙ නාමයෝජනා ගැන ආ ගැසට්ටුව

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා...

ගල්කිස්සේ වෙඩි තැබීමක්;අයෙක් මරුට

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර...

POPULAR ARTICLES

නේපාල දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක්

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි...

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන...

පුංචි ඡන්දෙ නාමයෝජනා ගැන ආ ගැසට්ටුව

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා...