22 C
Colombo
Tuesday, January 7, 2025

චීනය තායිවානයට දඬුවම් දීම අරඹයි

- Advertisement -

තායිවානයේ නව ජනපති දිවුරුම් දීමෙන් දින තුනකට පසුව චීනය, තායිවානය වටා යුද අභ්‍යාස ආරම්භ කර තිබෙනවා.

චීන හමුදාව නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තායිවානයේ බෙදුම්වාදී ක්‍රියාවන්ට දඬුවමක් ලෙස මෙම යුද අභ්‍යාස ආරම්භ කළ බවයි.

අද (23) අලුයම් කාලයේදී තායිවාන දූපත මෙන්ම තායිවාන පාලනය යටතේ පවතින Kinmen, Matsu, Wuqiu and Dongyin යන දූපත් සමූහය වටා මෙම යුද අභ්‍යාස ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත්, තායිවාන ආරක්ෂක අමාත්‍යංශය මෙම යුද අභ්‍යාස අනවශ්‍ය ප්‍රකෝපකිරීමක් වශයෙන් හෙළා දැක තිබෙනවා.

එමෙන්ම, තායිවානයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික, ගුවන් සහ ගොඩබිම් හමුදාවන් යොදවා ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

චීන හමුදාව පවසන්නේ, නිවැරදි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව මෙන්ම මුහුදෙන් සහ ගුවනින් සටන් කිරීමේ සූදානම පරීක්ෂා කිරීම සඳහා ඔවුන් මෙම යුද අභ්‍යාසවල නියැලෙන බවයි.

තායිවානයේ ස්වාධීන හමුදාවන්ගේ බෙදුම්වාදී ක්‍රියාවලට ලබාදෙන දඬුවමක් වශයෙන් මෙය ක්‍රියාත්මක කරන බවත් බාහිර බලවේගයන්ගේ ඇඟිලි ගැසීම්වලට එරෙහිව සිදු කරන දැඩි අනතුරු ඇඟවීමක් බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES