31 C
Colombo
Friday, October 18, 2024

බැටරි බලශක්ති ගබඩා සංවර්ධනයට කැබිනට් අනුමැතිය

- Advertisement -

දීර්ඝකාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම (LTGEP) යටතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ධාරිතාවන් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති සම්පත්වලින් සපුරා ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා 2024-2030 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති මඟින් ජනනය කරනු ලබන පුනර්ජනනීය බලශක්ති ධාරිතාවන් ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීම අත්‍යවශ්‍යව පවතින බව රජය පවසනවා.

ඒ අනුව,රට තුළ පවතින සුළං සහ සූර්යබල විභවයන් සංවර්ධනය කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, විචල්‍ය ස්වභාවයෙන් යුත් එම බල ශක්තිය විදුලි බල පද්ධතියට එක් කිරීම ක්‍රමයෙන් වැඩි වන විට පද්ධතියේ විශ්වසනීයත්වය පවත්වාගෙන යාම සඳහා වඩාත් නම්‍යශීලී විදුලි බල පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවයක් පවතිනවා.

රජය පවසන්නේ ඒ සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් වශයෙන් දීර්ඝකාලීන ජනන සැලැස්ම යටතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව, පුද්ගලික ආයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් යටතේ හෝ ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා හඳුනාගනු ලබන බැටරි ධාරිතාවන් සංවර්ධනය කිරීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ‘දිනමිණ’ වෙත...

නියමු කුටියේ දොර වැසීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වෙලා

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා. පසුගිය...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...