26 C
Colombo
Saturday, November 23, 2024

වැස්සෙන් හා සුළඟෙන් පවුල් 8944 කට බලපෑම්

- Advertisement -

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙයට අමතරව පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තවත් දසදෙනෙකු තුවාල ලබා ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එම ආයතනය තවදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 8944 කට අයත් 33960 ක් පීඩාවට පත්ව ඇති බවයි.

එමෙන්ම, නිවාස 973 කට අර්ධ හානි සිදුව තවත් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

මේ වනවිට   ආරක්ෂිත ස්ථාන 3ක පවුල් 74කට අයත් 246 ක් රඳවා තබා ඇති බවද එම  මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එහි පවුල් 4210කට අයත් 17073 ක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES