ඉඩම් ගැටළුක් සොයා බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විරසේකර මහතාගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පාමින් ප්‍රාදේශීය ලේකම්කාර්යාල සේවකයන් අද (27) දහවල් කෑම පැයේ නිහඩ විරෝධයක නිරත වුණා.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමකට පිරිසක් ඇතුල්වී නීති විරෝධී ලෙස වැටවල් සකසමින් යම් ඉදි කිරීම් සිදුකරන බවට ලැබුන පැමිනිල්ලකට අනුව පරිපාලන ග්‍රාම නිළධාරීෙවරයා හා වසම භාර ග්‍රාම නිළධාරීන සමග අදාල සිද්දිය සොයා බැලිමට ගොස් සිටියදී එම ස්ථානයට කඩා වැදුන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා තර්ජනය කරමින් රාජකාරීයට බාධා කිරීමක් සිදුව තිබුණා.
එම සිද්ධියට විරෝධය පාමින් දේශපාලඥයන් නිළධාරීන්ට ඇගිලි ගැසිම් නවතා දමන ලෙසට බල කරමින් මෙසේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සියලුම නිළධාරීන් දහවල් කෑම පැයෙදී මෙසේ විරෝධතාවයක නිරත වි තිබුණා.