25 C
Colombo
Sunday, October 6, 2024

මාතර බිලිඳාගේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයක්

- Advertisement -

මාතර නව දිස්ත්‍රික් රෝහලේ මතභේදයට තුඩුදුන් බිලිඳු මරණය පිළිබඳ මරණ පරීක්ෂණ වාර්තාව සහ බිලිඳා එම මව්පියන්ගේමද යන්න තහවුරු කරගැනීමේ DNA පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස කොටවිල පොලිසියට ඊයේ (27) දැනුම් දුන්නා.

ඒ, මව්පියන් සහ ඥාතීන් විසින් දිගින් දිගටම කරන ලද දැඩි ඉල්ලීම් හා චෝදනා හමුවේ බිලිඳාගේ බව පැවසෙන දේහය ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබූ පසුබිමකයි.

මාතර වැලිගම පදිංචි කාවින්ද්‍යා මදුෂානි සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා පසුගිය 22 වැනිදා මාතර නව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු නමුත් බිළිඳා කුස තුළම මියගොස් ඇති බවට රෝහල් බලධාරීන් ඇයට පවසා තිබුණා.

ඒ අනුව බිලිඳගේ දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් පරස්පර විරෝධී ප්‍රකාශ කළ බවයි ඥාතීන් විසින් චෝදනා කරනවා.

බිලිඳාගේ දේහය ලබා ගැනීම සඳහා මව්පියන් ඊයේ පෙරවරුවේ පැමිණ මාතර නව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරයා හමුවු අතර එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා සහ ඔවුන් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මව්පියන් කොටවිල පොලිස් ස්ථානයට පැමිණියා.

මව්පියන් සහ ඥාතීන් විසින් දිගින් දිගටම කරන ලද දැඩි ඉල්ලීම් හා චෝදනා හමුවේ ඔවුන් බිලිඳාගේ බව පැවසෙන දේහය ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණා.

එලෙස ඉදිරිපත් කළ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් අද පස්වරුවේ සිදුකළ අතර, එහි මරණ පරීක්ෂණ වාර්තාව සහ බිලිඳා එම මව්පියන්ගේම ද යන්න තහවුරු කරගැනීමේ DNA පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නා.


RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...