29.1 C
Colombo
Wednesday, April 9, 2025

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට

- Advertisement -

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත පුහුණු තරග දෙකෙන් පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ නෙදර්ලන්තයට එරෙහිවයි.

මෙම තරගය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල්හි Central Broward Stadium ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.

මෙම තරගයෙන් අනතුරුව එළබෙන 31වැනිදා දෙවැනි පුහුණු තරගයට ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන අතර, එය අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

එම තරගයද ලෝඩර්හිල්හිදීම දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන බව සඳහන්.

මෙවර විස්සයි20 ලෝක කුසලානය බටහිර ඉන්දිය කොදෙව් දූපත් හා ඇමරිකාවේ සම සත්කාරකත්වය යටතේ ජූනි මස 01වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය ජූනි 03වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක්හි Nassau ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එම ක්‍රීඩාංගණය ලෝක කුසලානය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක් වන අතර, ඒ අනුව එය එහි පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්වනු ඇති.

RECENT ARTICLES - SINHALA

PTA අහෝසි කරනවාද? අගමැතිනියගෙන් පිළිතුරක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුවේ කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ලබා...

දොළොස්දෙනෙක් රෝහලට යැවු අනතුර

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට...

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

POPULAR ARTICLES