29.5 C
Colombo
Thursday, April 17, 2025

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ඉතා මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 94 වියේ පසුවුණා.

ජෝතිරත්නගේ ෂෙල්ටන් ප්‍රේමරත්න 1931 අප්‍රේල් 29 වැනිදා කොළඹ කොටහේනේදී උපත ලැබූ අතර, මූලික අධ්‍යාපනය ලැබුවේ, කොටහේනේ සෙක්කු විදියේ කිතුණු ළදරු පාසලෙන්.

වැඩිදුර අධ්‍යාපනය සඳහා කොටහේන මධ්‍ය මහා විද්‍යාලයට ඔහු ඇතුළත් වුණා.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍ය හරහායි.

නමුත් මීට පෙර ඒ.පි.එම. නූර් නම් ව්‍යාපාරිකයා විසින් නිෂ්පාදනය කිරීමට යෙදුනු චිත්‍රපටයක් වූ ‘ජිවිතයේ ප්‍රීතිය’ නම් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ෂෙල්ටන්ව තෝරාගෙන තිබුණා.

ඔහු මෙම චිත්‍රපටයට ‘කදිරනේ ධීර වීරා’ නම් වූ ගීතය නිර්මාණය කරනු ලැබු නමුත්, අවාසනාවකට මෙම චිත්‍රපටය අතරමඟ නතර වුණා.

මෙහි පුදුමය දනවන කරුණ වන්නේ ඒ.පි.එම. නූර් නම් ව්‍යාපාරිකය තම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ශේල්ටන්ට පවරන විට ශේල්ටන්ගේ වයස 17ක් වීමයි.

පසුකාලීනව ‘දස්කොන්’ චිත්‍රපටය තුළින් ඔහු තම හැකියාව මනාව පෙන්නුම් කළ ශෙල්ටන් සිසිර සේනාරත්න සමග රුක්මණී ගායනා කළ ‘සොම්නස පෙම්රස එකතු වුණා’ ගීතය හා ෂෙල්ටන් සිසිර සේනාරත්න සමග ගායනා කළ ‘ධර්ම රජයෙනි සැප’ ගීතය දස්කොන් චිත්‍රපටයේ ඇති ශ්‍රාවක සිත් දිනාගත් ගීත දෙකක්.

මෙහි ‘ධර්ම රජයෙනි සැප’ ගීතය සිංහල චිත්‍රපටයක ආ පළමු ශාස්ත්‍රීය ගීතය යි.

ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසින්.

‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කිහිපයක්.

සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන “My dreams are roses for my love” (රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ) ගීතය සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්.

මාලිනී බුලත්සිංහල ගායනා කළ “සඳ මඩලේ සිට”, සුජාතා හා මිල්ටන් පෙරේරා ගායනා කළ “සුපුන් සඳක් නැගීලා”, හරූන් ලන්ත්‍රා හා සුජාතා ගායනා කළ “හංසරානී”, රංජනී පෙරේරා ගායනා කළ “සීතල පාළුව” හා සුජාතා ගායනා කළ “රන්තරු පුන්සඳ” ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ අතරින් අතලොස්සක්.

කලකට ඉහතදී දීපසිඛා නම් වූ චිත්‍රපට උළෙලේ නාවික හමුදාවේ වාදන මඩුල්ල මෙහෙයවා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්.

හමුදා සේවක වාදක මණ්ඩලයක් ඉන් බාහිර සංගීතඥයෙකු මඟින් ලංකාවේ දී මෙහෙයවූ ප්‍රථමයාද මොහු වනවා.

RECENT ARTICLES - SINHALA

ග්‍රීස් ගහෙන් ඇදවැටී පාසල් සිසුවෙක් මරුට

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිදුවෙකු මියගොස් තිබෙනවා. පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් ගණන ඉහළට

පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය...

ත්‍රිවිල් – බස් අනතුරකින් පිරිසකට බරපතළ තුවාල

හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත්...

POPULAR ARTICLES

ග්‍රීස් ගහෙන් ඇදවැටී පාසල් සිසුවෙක් මරුට

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිදුවෙකු මියගොස් තිබෙනවා. පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන...

අවුරුදු සමයේ බස් සේවා ගැන පැමිණිලි 143ක්

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ වැඩිපුර...

ඉන්දීය රන් අලෙවිය පහළට

රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම පහත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ වෙනුවට ඔවුන්...