31 C
Colombo
Friday, October 18, 2024

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් ගමනාගමනය සීමා කෙරේ

- Advertisement -

අද (08) කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එම මාර්ගය දෙපස අවදානම් ගස් සහ දිරාගිය අතු කොටස් ඉවත් කිරීම හා අවදානම් පාෂාණ කොටස් ඉවත් කිරීමේ කටයුතු එදින අද පෙරවරු 10 සිට හෙට (09) පෙරවරු 6 දක්වා සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව, එම මාර්ගය අද සවස 6 සිට පැය 3ක තුනක කාලයක් සම්පූර්ණයෙන්ම වසා තැබීමට කටයුතු කරන බව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය භාවිත කරන මහජනතාවට ඇති වන අපහසුතා මඟ හරවා ගැනීමට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

  • කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොළ, අ‍ඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ මහනුවරට.
  • කෑගල්ල කරඬුපන හරහා රඹුක්කන හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවර
  • මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගය ඔස්සේ මහනුවරට

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...