26 C
Colombo
Friday, October 18, 2024

මහනුවරට ගංවතුර අවදානමක්

- Advertisement -

නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

පසුගිය දිනවල ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ජලගැලීම් වලට ලක්වීම පිළිබඳව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, මහනුවර නගරය ආශ්‍රිතව ඇති අවිධිමත් ඉදිකිරීම් මෙම ජල ගැලීම්වලට බරපතළ ලෙස බලපා ඇති බවයි .

මහවැලි නදියට සමගාමීව උස් ස්ථානයක පිහිටා ඇති මහනුවර නගරයේ වැසි ජලය ඇතුළු අනෙකුත් අප ජලය නගරයෙන් පිටමං කරන ප්‍රධාන ඇළ මාර්ග දෙක වන මැද ඇළ අවහිර වන ආකාරයට සිදුකර ඇති අවිධිමත් නීති විරෝධී ඉදිකිරීම් මහනුවර නගරය සුළු වර්ෂාවකදී පවා ජලයෙන් යටවීමට හේතු වී ඇති බව ඔහු පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මහනුවර විලියම් ගොපල්ලව මාවතෙන් ආරම්භ වී ගැටඹේදී මහවැලි නදියට එකතු වෙන මැද ඇළ සහ ඩී.එස්.සේනනායක වීදියේ කෙළවරින් ආරම්භ වී කටුගස්තොට අලි නාවනතොට අසලදී මහවැලි නදියට එකතු වෙන මැද ඇළේ බොහෝ ස්ථාන ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට හසුවීම හේතුවෙන් එම ඇළ මාර්ග දෙක බෙහෙවින් පටුවී ඇති බවයි.

මෙම තත්ත්වය උඩ කෙටි වේලාවක් තුළදී මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාවක් මහනුවර නගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලුනහොත් නගරයට බරපතළ හානි ගෙනදෙන ජල ගැලීම් වලට ලක්විය හැකි බව මහාචාර්යවරයා සඳහන් කළා.

මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු නිලධාරීන්ට දැනුම් දී ඇති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කලා.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...