31 C
Colombo
Friday, October 18, 2024

දුම්රිය ගමන්වාර 35ක් අවලංගු කෙරේ

- Advertisement -

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද (09) උදෑසන දුම්රිය ගමන්වාර 35ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසා සිටියේ, වැඩවර්ජනය තුන්වන දිනටත් අද ක්‍රියාත්මක වන බවයි.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කරනු ලැබුවා.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර, ඒ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන් වනවා.

කෙසේවෙතත්, ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ‘දිනමිණ’ වෙත...

නියමු කුටියේ දොර වැසීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වෙලා

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා. පසුගිය...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...